නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ
අද(17) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී නියෝජ්‍ය කතානායකවරයකු පත් කරගැනීමට නියමිතව තිබුනු අතර ඒ සදහා නම් දෙකක් යෝජනා විය. සජබ නියෝජනය කරන රෝහිණී කුමාරි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අජිත් රාජපක්ෂ යන මන්ත්‍රීන්ගේ නම් නියෝජ්‍ය කතානායක තනතුරට යෝජනා වී තිබුනු අතර රහස් ඡන්දයක් පවත්වන ලදි.
කෙසේ වෙතත් මෙහිදී විමල් වීරවංහ මන්ත්‍රීවරයා පවසා සිටියේ තවත් මිලියන ගණනාවක් වියදම් කර නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කරගැනීමට කටයුතු නොකොට කතා කර එකගතාවයට පැමිණ එම තනතුර සදහා එක් අයෙකු යෝජනා කරන ලෙසයි.
කෙසේ වෙතත් අවසානයේදී රහස් ඡන්දයක් පැවති අතර අජිත් රාජපක්ෂ මහතාට ඡන්ද 109 ක් ද රෝහිණී කුමාරි මහත්මියට ඡන්ද 78ක්ද අවලංගු ඡන්ද සංඛ්‍යාව 23ක් ලෙස ඡන්දය සටහන් ව තිබුනු අතර අජිත් රාජපක්ෂ මන්ත්‍රිවරයා නියෝජ්‍ය කතානායක ලෙස තේරී පත්විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

