Latestදේශීය

ඉක්මනින් ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලට යා යුතුමයි – මහබැංකු අධිපති

ආර්ථික අර්බුධයට කඩිනම් විසදුම් ලබා ගැනීමට නම් ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල (IMF) සමග එකඟතාවයට පැමිණිය යුතු බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මහබංකු ප්‍රධානීන් ඊයේ (26) විශේෂ සාකච්ඡාවක් සිදු කළ අතර එම සාකච්ඡාවේදී මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.

අපනයන මත පදනම් වූ ඉලක්කගත ආර්ථිකයක් සම්බන්ධයෙන් ද මේ අවස්ථාවේදී කරුණු ඉදිරිපත් වී ඇති අතර ඉදිරි කාලයේදී දේශීය වශයෙන් ඇතිවන අභියෝග සදහා සූදානම් විය යුතු බව අගමැතිවරයා පවසා තිබෙනවා.

වත්මන් මහබැංකු අධිපති සහ අගමැතිවරයා අතර එතරම් හොද සබදතාවයක් නොමැති බව පසුගිය දිනවල මාධ්‍ය හරහා අනාවරණය වුනා. කෙසේ වෙතත් මේ වන විටත් රට හමුවේ ඇති ආර්ථික දුෂ්කරතාවයන් සහ ජනතාවට දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවට අගමැතිවරයා මෙන්ම මහබැංකු අධිපතිවරයා විටින් විට කරුණු ඉදිරිපත් කිරීමට එහා විසදුමක් යෝජනා වී නොමැති වීම මෙරට දේශපාලන ආර්ථීකය තුළ බලවත් ගැටලුවක් බවයි සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *