මුහුද රළු විය හැක
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංනිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. මන්නාරම සිට පුත්තලම දක්වා සහ තංගල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.
මන්නාරම සිටපුත්තලම දක්වා සහතංගල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර විටින් විට රළු විය හැක.සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන බවද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

