බේරුවල සුදුවෑන්
බේරුවල ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනකු සුදු වෑන්වලින් පැමිණ පැහැරගෙන ගොස් ඇතැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් බේරුවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඊයේ සහ පෙරේදා දිනයේ මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ධීවර යාත්රා හිමිකරුවකු සහ ධීවර කාර්මිකයෙකි.
ඉන් එක් අයෙකුගේ බිරිඳක් පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ සුදු පැහැති වෑන් රථයකට තම සැමියා ඉකුත් විසි වෙනිදා නැඟ ඇති බවත් ඉන් පසු මේ දක්වා කිසිදු තොරතුරක් නැති බවත්ය.
අතුරුදහන් වූ අනෙක් පුද්ගලයාගේ මව කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තම පුත්රයා බේරුවල ධීවර වරාය අසල දී සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇති බවයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

