වනජීවී එපා විදුලිබල හා බලශක්ති දෙන්න – ඩී වී චානක
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ දිනයේ දිවුරුම් දුන් ඩී.වී. චානක මහතා එම අමාත්‍ය ධුරය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේ එම ධුරයේ දිවුරුම් දී පැයක් වැනි කාලයක් තුල ඒ මහතා විසින් මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද දැනගන්නට ඇත.
ඩී.වී. චානක මහතා විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය බලාපොරොත්තුවෙන් සිටියද එම ධුරයට ඉන්දික අනුරුද්ධ මහතා පත්කර ඇත.
මෙම හේතුව මත ඔහු වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.
මේ අතර වාර්තා වන්නේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් චානක මහතා නුදුරේදීම දිවුරුම් දෙනු ඇති බවයි
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

