අමාත්‍ය මණ්ඩල විශේෂ රැස්වීමක් අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.
මේ පිලිබඳව සියලු අමාත්‍යවරුන් දැනුවත් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වීමට සූදානම් කර ඇති බවත් වාර්තා වනවා. .
අද දිනයේ දී ජනාධිපතිවරයා ගේ මංගල අයවැය 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
අයවැය සඳහා අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් මෙම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා ගේ අයවැය කතාවෙන් අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ එකතු වීමේ සූදානමක් ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

