Latestදේශීයවිදේශීය

හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

හිටපු 16 වන බෙනඩික් පාප් වහන්සේ ඊයේ(31) දින ස්වර්ගස්ථ විය. රෝගාතුරව කාලය ගත කළ 95 වැනි වියේ පසුවූ හිටපු පාප් වහන්සේ වතිකානුවේ පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ වූ බවයි වාර්තා වන්නේ.

වසර 8ක කාලයක් පාප් ධූරයේ කටයුතු කළ උන් වහන්සේ 2013 වසරේදී අසනීප තත්වයක් හේතුවෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා.

හිටපු පාප් වහන්සේගේ දේහය එළඹෙන සඳුදා සිට මහජන ගෞරවය සඳහා වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කිරීමට නියමිතයි. 

දේහය පිළිබඳ අවසන් කටයුතු වතිකානුවේ ශාන්ත පීතර චතුරස්‍රයේදී ජනවාරි 05 වනදා සිදුකෙරෙන බවද නිවේදනය කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *