Latestදේශීය

යුක්‍රේන ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයයි

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයෑමේ සිදුවීමක් පිළිබඳ ගාල්ල වරාය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. ඊජිප්තුවේ සිට ඉන්දියාව බලා භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක සේවයේ යෙදී සිටි නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියගොස් ඇති බවට ගාල්ල වරාය පොලීසියට ඊයේ (01) ලද පැමිණිල්ල මත මේ වන විට අදාළ විමර්ශන ආරම්භ කර ඇත. මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 41ක් හා 53ක් වන යුක්‍රේන ජාතික විදෙස් නැවියන් දෙදෙනෙකි.

එම නෞකාව මේ වනවිට දේශීය මුහුදු තීරයේ ගාල්ල වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇත. එම මරණ සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත්තුමිය වෙත කරුණු වාර්තා කර මෘත ශරීර ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු සිදුකරමින් පවතින අතර මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *