Latestදේශීය

බඩු සොරාගත් පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට

සතොස වෙළඳ සැලකින් භාණ්ඩ සොරා ගෙන පැන ගියේ යැයි ගැන පොලිස් කොස්තාපල්වරයෙකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මඩවල ප්‍රදේශයේ පිහිටි සතොස වෙළඳසැලකින් කොස්තාපල්වරයා රුපියල් 1900 භාණ්ඩ සොරාගෙන ගියේ යයි ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් දිනක මෙම වෙළඳසැල පැමිණි කොස්තාපල්වරයා බඩු භාණ්ඩ ලබා ගෙන ඒ සදහා මුදල් නොගෙවා යතුරුපැදියේ නැගී පලාගොස් ඇතැයි එහි කළමනාකාරවරයා වත්තේගම පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ වන විට කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *