සජබ අර්බුධය
හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් යන සමගි තැන බලවේග මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ එක්වී රජයට සහය දක්වනු ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
පුවත්පත් වාර්තා කර ඇත්තේ මෙම හැර යාම සම්බන්ධයෙන් සජිත් පේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස අනවශ්‍ය ලෙස පක්ෂයේ කටයුතුවලට මැදිහත් වීමද බලපා ඇති බවයි.
මෙම බිඳී යාම වළක්වා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බවද වාර්තාව කියා සිටී.
සමගි ජන බලවේගය පිරිසක් ආණ්ඩුවට එක්වීමට ගෙන ඇති තීන්දුව සමග ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලබලයට පත්වී ඇති බවත් ඒ දැනට එම පක්ෂය දරන ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් ඉවත් වී එම අමාත්‍ය ධුර විපක්ෂයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රීවරුන්ට ලබා දීමට නියමිතව ඇති නිසා බව ද වාර්තා වැඩිදුරටත් කියා සිටියි.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් හර්ෂ ද සිල්වා මහතා අදාළ පුවත ප්‍රතික්ෂේප කරමින් තම ට්විටර් ගිණුමේ සටහනක් මගින් කියා සිටින්නේ මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ව්‍යාජයක් බවයි.
@Lanka C News

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

