Latestදේශීය

අක්ෂි රෝහලේ සැත්කම් අද සිට නැවතත්

තාවකාලිකව නවතා තිබු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් අද (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගියදා පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කොට ඇති අතර එම රෝහලේ සැත්කම් කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.

“ජාතික අක්ෂි රෝහලේ පසුගිය දින කිහිපයේදී ශල්‍යකර්ම නවතා දමන්න සිදුවුණා විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන්. එම විෂබීජය විෂබීජහරණය කිරීමෙන් පස්සේ නැවතත් අද දිනයේදී නැවතත් ශල්‍යකර්ම ආරම්භ කිරීමට නියමිතයි. සම්පූර්ණයෙන් අදාළ ඖෂධ වර්ගය ඉවත් කිරීමටත් ඒ වෙනුවෙන් වෙනත් ඖෂධයක් භාවිත කිරීමටත් ශල්‍යකර්ම ඉතාම ආරක්ෂිතව සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදීමට හැකියාව මේ වනවිට තිබෙනවා.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *