කෝප් කමිටුවට කැදවන ආයතන
ශ්‍රී ලංකන් ගුවන් සේවය ,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඇතුඵ ආයතන කිහිපයක ප්‍රධානින් ලබන සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවා තිබේ.
ඒ අනුව අපනයන ණය රක්ෂණ සංස්ථාව ලබන අගහරුවාදා (25) කෝප් කමිටුව හමුවට කැදවා ඇත. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම කමිටුව හමුවට කැදවා ඇත්තේ ලබන බදාදායි. පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදා පැවැති කාරක සභා රැස්වීමේදී දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගිතය එහිදී සාකච්ඡා කෙරෙනු ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන බ්‍රහස්පතින්දාත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලබන සිකුරාදාත් කෝප් කමිටුව හමුවට කැදවා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

