Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් මහේල‌ගේ බූදලයක් නොවේ

වැරදි තීරණ නිසා විනාශ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙමින් ඇතැයි ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ක්‍රිකට් යනු මහේල ජයවර්ධන, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ෂම්මි ද සිල්වා ඇතුළු පිරිසගේ බූදලයක් නොවන බවත් හෙතෙම කියා සිටී.

ක‍්‍රිකට් යනු මෙරට මිලියන විසි දෙකක මිනිසුන්ට අයත් ක‍්‍රීඩාවන් බවත් හෙතෙම සඳහන් කළේය.

ක‍්‍රිකට් කළමනාකාරිත්වය දුර්වල බවට චෝදනා කරන ඔහු 20-20, එක්දින හා ටෙස්ට් තරඟ වලට ක්‍රීඩා කල යුතු ක්‍රීඩකයන් කවුරුන්ද යන්නවත් නිසි ලෙස තෝරා ගැනීමට පරිපාලන අසමත් බවද හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායෙම් මෑතක මෑතකදී වාර්තා වන ඇතැම් හැසිරීම් වලට පරිපාලනය වගකිව යතු බවද පවසන සභාපතිවරයා තරඟ පැරදීම හෝ වරදක් සිදු වූ විට එය භාර ගැනීමට කිසිවෙකු නොමැති වීමද ගැටලුවක් බවත් අවධාරණය කරයි

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *