Latestදේශීය

ආන්ඩුකාරවරු එක්සත් ජාතික පක්ෂයෙන්

එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍ය නවින් දිසානායක, හිටපු අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුනට ආණ්ඩුකාර ධුර ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ. බස්නාහිර, වයඹ, උතුර හා නැගෙනහිර ආණ්ඩුකාරවරුනට එසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට එංගලන්තයේ සංචාරයක නිරතව සිටින අතර ඒ මහතා පැමිණි පසු නව ආණ්ඩුකාරවරුන් පත්වනු ඇති බවද වාර්තා වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *