Latestදේශීය

සතියක වැඩවර්ජනයක් ගැන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකුට එරෙහිව ඊයේ පැවති සංකේත දුම්රිය වැඩ වර්ජනය මධ්‍යම රාත්‍රී 12 ට පමණ අවසන් කෙරුණා.

 දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ධූරයට නුසුදුසු නිලධාරියෙකු පත් කළ බවට චෝදනා කරමිනුයි දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රී 12ට මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කරණු ලැබුවේ.

 මෙම වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය 10ක් , දුර ගමන් දුම්රිය 5ක් සහ රාත්‍රී තැපැල් දුම්රිය හතක් අවලංගු කෙරුණා.

 මෙම සංකේත වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය, මගීන්ගෙන් පිරීගිය අතර ඇතැම් ස්ථානවල දී ප්‍රවේශපත්‍ර පවා නිකුත් කෙරුණේ නැහැ.

අද දින පැවති මාධ්‍ය හමුවක් වෙත අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසා සිටියේ එළඹෙන අඟහරුවාදා දින අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

 එහිදී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බවද එම සංගමය එහිදී  අවධාරණය කර සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *