ප්‍රභූ පර්යන්තයේ ආරක්ෂාව තර කෙරේ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ගුවන් මගීන් රැගෙන එන ගමන්මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බව රේගු නිලධාරීන් ප්‍රකාශ කර තිබුණි.
මේ හේතුවෙන් විශේෂ මගී පර්යන්තය හරහා එන ප්රභූන්ගේ ගමන්මලු පරීක්ෂා නොකෙරෙන බව රේගු නිලධාරීන් පවසයි.
විදේශ රටවල බොහොමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර ඇති බව සඳහන් වේ.
ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කරන ලෙසය.
ඊට අදාළ වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා විය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

