පීඩන අවපාතයක් ගැන කාලගුණයෙන් නිවේදනයක්
ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය අද (06) සවස 2.30ට නිකුත් කර ඇත.එය ඉදිරි පැය 24 පුරා බලපැවැත්වේ.
එම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රියේ දී පමණ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ විට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉදිරි පැය 24 තුළ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 7 – 15ත් සහ නැගෙනහිර දේශාංශ 62 සහ 68ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී 60 – 70ත් අතර විටින් පැ.කි.මි 75 – 80ත් දක්වා වැඩිවිය හැකිය.
මේ හේතුවෙන් ඉහත සඳහන් කළ මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

