තුල්හිරියේ රිය අනතුරක්
තුල්හිරිය ප්‍රදේශයේ අද උදෑසන 5.30ට පමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මරණයට පත්ව තිබෙන බව වාර්තා වේ.
අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ ටිපර් රථයක තුල්හිරිය ප්‍රදේශයේ දී ගැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.ඉන් එකම පවුලේ පියා (40), මව (39) සහ පුත්‍රයා (13) ජීවිතක්ෂයට පත්ව තිබේ.ඔවුන් රඹුක්කන පදිංචිකරුවන් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරුව මේ වනවිට වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය තිදෙනාගේ සිරුරු වරකාපොළ රෝහලේ තැන්පත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

