Latestදේශීය

බේරේ වැවේ නාපු වීරයෝ ඇමතිකම් ඉල්ලනවාලු

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු වීරයෝ ටික දැන් ඇමතිකම් ඉල්ලන බව ආරංචි යැයි සමගි ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද රාජපක්ෂ පඬිවරුන් ගමින් ගමට ගොස් රට හදන්න පුළුවන් කියා කියන බව කී වික්‍රමරත්න මහතා රට බංකොලොත් කළේ කවුදැයි දැන් අමතක වී තිබෙන බවද සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ඉස්සරහට දමා ගෙන මූල්‍ය අරමුදලට මුවා වෙලා ජාතික ආරක්ෂාව ගැන කතා කරමින් පරණ වීරයෝ ටික නැවත තැනින් තැනට යන බවද එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

සෑම 17 දෙනකුටම රාජ්‍ය සේවකයකු බැගින් ලංකාවේ සිටින අතර ජපානයේ ජනතාව තුන්සිය ගණනකට රාජ්‍ය සේවකයන් සිටින්නේ එක් අයකු බව සඳහන් කළ වික්‍රමරත්න මහතා මෙලෙස රට හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *