Latestදේශීය

පාර්ලිමේන්තුව නැවත රැස්‌ වෙන්නේ 5වනදා

ජූලි 4 වැනි අගහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ.උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු පිළිබඳ කල් තැබීමේ විවාදය ජූලි 5 වැනිදා පැවැත්ව.දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් ජූලි 6 වැනිදා පැවැත්වේ.

2023.06.30 වන දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මේ පිළිබදව අවසන් වශයෙන් තීරණය වූ අතර ඒ අනුව 4 වැනි අගහරුවාදා දින පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වේ.

ජූලි 5 වැනි බදාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. පෙ.ව 10.30 ට පමණ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා
සම්බන්ධ යෝජනා අටක් (08) විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතව ඇත.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.

ජූලි 6 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළව කල් තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

ජූලි 7 වැනි සිකුරාදා පෙ.ව 9.30 සිට 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ උදර්පණ පනත යටතේ නියමයක් විවාදයට ගැනීමට නියමිතයි.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *