නාමල් නිවැරදියි, විදුලිබල මණ්ඩලය වැරදියි – සාගර කියයි
විවාහ මංගල උත්සවය වෙනුවෙන් ගෙවිය යුතු විදුලි ගාස්තුවක් ඇති නම් අදාල බිල්පත නිකුත් කරන්නැයි නාමල් රාජපක්ෂ මහතා දිගින් දිගටම ඉල්ලා ඇතත් එම විදුලි බිල නිකුත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙය කිසියම් කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් ලෙස හඳුනාගත හැකි බවද ලේකම්වරයා කියා සිටියේ ය.
හිග විදුලි ගාස්තුව අයකර ගැනීමට උත්සාහ දැරීම ට වඩා ඒ හරහා රාජපක්ෂවරුන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් වන ආකාරයක් පෙනෙන්න ඇති බවද හෙතෙම පැවසීය.
අදාළ මුදල අය කර ගැනීමට වඩා කිසියම් පුද්ගලයෙකු ඉලක්ක කර ඔහුට හානි කිරීමේ කටයුත්තක් සිදුවන්නේ දැයි සැකයක් ඇති බවද හෙතෙම සදහන් කලේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

