ජෙරම් නැවතත් එයි
මෙරට මාස කීපයක් තිස්සේම විදේශ විදෙස්ගත වී සිටින දේවගැති ජෙරම් ප්රනාන්දු නුදුරේදීම ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තාවෙයි.
ඒ ඔහු ගුවන් තොටුපොළේදී හෝ වෙනත් තැනකදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කළ නියෝගයෙන් පසුය.
බෞද්ධ ආගමට අපහාස කළේ යැයි ඔහුට චෝදනා කරමින් අධිකරණය හමුවට ගොනු කර තිබූ පැමිණිලි සලකා බලමින් ඔහුට රටින් පිටවීමේ වාරණ නියෝගයක් පනවා ඇතත් ඊට පෙර ඔහු රටින් පිටව ගොස් තිබිණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වූයේ නැවත ශ්රී ලංකාවට පැමිණෙන මොහොතේ ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගැනීමටයි.
නව අධිකරණ නියෝගය සමඟ ඔහු ඉතා ඉක්මනින් ශ්රී ලංකාවට පැමිණීමට කටයුතු සූදානම් කරමින් ඇති අතර ඔහු පැමිණි පසු මේ දේව මෙහෙයව් සුපුරුදු පරිදි ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ජෙරොම් ප්රනාන්දු දේවගැතිවරයා මෙරටට පැමිණ පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්රකාශයක් ලබාදිය යුතු බවටද අභියාචනාධිකරණය තවදුරටත් නියෝග කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

