සිසු හෙද පුහුණු සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට
සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා ගාල්ල, මාතර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ අද (13) සහ හෙට (14) දෙදින ගාල්ල සහ මඩකලපුව හෙද විදුහල්වල පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි.
මීට අදාල සියලුම විස්තර සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුවේ (https://www.health.gov.lk/) පලකර ඇති හෙයින් එය පරිශීලනය කර අවශ්‍ය තොරතුරු ලබා ගන්නා මෙන් ද ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

