Latestදේශීය

අවලෝකිතේෂ්වර රිමාන්ඩ්

බුදු දහමට නිගාවන අන්දමට දේශන පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයා 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බව වාර්තා වේ.

සැකකරු ඊයේ (16) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදුන් බවයි වාර්තා වන්නේ.

මහින්ද කොඩිතුවක්කු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටිය ප්‍රදේශයේ දී පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *