Latestදේශීය

තරුණ මළසිරුරක් හමුවෙයි

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු තම පෙම්වතිය හමුවීම සඳහා ඇගේ නිවසට ගිය පසු අතුරුදහන් වීමේ සිද්ධියක් පසුගිය දිනවල වාර්තා වූ අතර මේ වනවිට වාර්තා වන්නේ එම තරුණයාගේ බවට හඳුනාගත් මල සිරුර මාදම්පේ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති බවය.

මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබී අදාළ මළ සිරුර සොයාගත් බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය කටයුතු ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ඔහු අතුරුදහන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි ප්‍රධාන සැකකරු වන සුජිත් ප්‍රනාන්දු නැමැත්තා රුපියල් ලක්ෂ 05 බැගින් ඊයේ (06) ඇප දෙකක් මත කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් විසින් මුදාහැර තිබීමද විශේෂත්වයකි.

අතුරුදහන්ව තිබුණේ කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවූ සුසිත ජයවංශ නමැති තරුණයෙකු වන අතර ඔහු අවසන්වරට සිය පෙම්වතියගේ පියාගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව ඇයගේ නිවසට ගොස් තිබූ බව අනාවරණය වී ඇත.

එහිදී ඔහුට පෙම්වතියගේ පියා, පෙදරේරුවන් දෙදෙනෙකු සමග එක් වී පහරදී ඇතැයි අනාවරණ වී තිබිණි.

ඒ අනුව අත්අඩංගුවට ගත් පෙදරේරුවන් දෙදෙනා පොලීසියට පාපෝච්චාරණය කර ඇත්තේ, අදාළ තරුණයා ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට රැගෙන යා යුතු බව පෙම්වතියගේ පියා පැවසූ බවය.

සිද්ධියෙන් පසුව ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ, අතුරුදන් තරුණයාගේ පෙම්වතිය වන සිය දියණිය සහ පුතුන් දෙදෙනා මෙන්ම ප්‍රධාන සැකකරුගේ සහෝදරිය හා ඇයගේ සැමියාද සිය නිවෙස් අතහැර ප්‍රදේශයෙන් පළාගොස් තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *