රුසියානු යුක්රේන යුද්ධයට ලාංකිකයන් විකුණන ඇවන්ගාඩ් සමාගම
ශ්රී ලාංකිකයන් යුක්රේන රුසියානු යුද්ධයට කුලී හේවායින් ලෙස අලෙවි කරමින් සිටින්නේ ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් බවට පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
නමුත් එය මෙරට සමාගමක්ද එරට ඇති වෙනම සමාගමක් දැයි තමන් නොදන්නා බවද පැවසු ඔහු මෙම චෝදනා එල්ල වන සමාගම ඩිලාන් හා සුරේෂ් නම් දෙදෙනකු විසින් මෙහෙයවමින් සිටින බවත් පැවසුවේය.
කෙසේ හෝ මෙරට රණ විරුවන් රුසියාවට කුලී හේවායන් ලෙස විකුණා දමමින් ඇත්තේ ඇවන්ගාඩ් නම් සමාගමක් විසින් බවද ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.
අද වන විට ශ්රී ලාංකිකයන් විශාල පිරිසක් එරට යුද්ධයට සම්බන්ධ වී සිටින බවත් ඉන් පිරිසක් මිය ගොස් ඇති බව තවත් පිරිසක් තුවාල වී ප්රතිකාර ලබාගත නොහැකිව සිටින බව මන්ත්රීවරයා තවදුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

