Latestදේශීය

වතුකරයේ බොහෝ දරුවන් අධ්‍යාපනයට එන්නේ බඩගින්නේ – ගීතා කුමාරසිංහ

පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බව  ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ(14) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. දරුවකුට සමාජගතවීම උගන්වන්නේ මෙම පෙරපාසල් අධ්‍යාපනය තුළින් බවත්, එම නිසා පෙර පාසල් අධ්‍යාපනය වඩාත් විධිමත් විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

අපේ රටේ මේ සඳහා නිසි ක්‍රමවේදයක්  නොමැති බවද ඇය පෙන්වා දුන්නාය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ,

අද වතුකරයේ බොහෝ දරුවන් පෙර පාසලට එන්නේ බඩගින්නේ. එම දරුවන් වෙනුවෙන් උදෑසන ආහාරය ලබා දීමේ  පූර්ණ කලීන වැඩපිළිවෙළක්  මේ වනවිට සකස් කරමින් ඉන්නවා. කිසියම් දරුවකුට පෙර පාසල් යාමට මුදල් නැත්නම් දරුවන්ට එම මුදල් ලබා දීමටත් කටයුතු කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?