ඉබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු අද
හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව මැද අද (23) ඔහුගේ උපන් බිම වන මෂ්ෂාද් නුවරදී එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. එම අනතුරින් මියගිය ඉරාන විදේශ ඇමැති හොසේන් අමීරබ්ඩොල්ලාහියන්ගේ අවසන් කටයුතු දකුණු ටෙහෙරාන් නුවරදි සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ. ජනාධිපති රයිසි, විදේශ ඇමැතිවරයා ඇතුළු පිරිසගේ දේහයන්ට විදෙස් නියෝජිතයන්ගේ අවසන් ගෞරව දැක්වීම ඊයේ ටෙහෙරාන් අගනුවරදී සිදු කළ බව ද වාර්තා වේ. ඉබ්‍රාහිම් රයිසි ඇතුළු සෙසු අයගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම ටෙහෙරාන් නුවර විශ්වවිද්‍යාලයේ සහ නිදහස් චතුරස්රයේ දී සිදු කර ඇති අතර, දහස් සංඛ්‍යාත ජනතාව එම අවස්ථාවට එක්වූ බව ද වාර්තා වේ.
විදෙස් රටවල රාජ්‍ය නායකයන්, ඇමැතිවරු සහ තානාපතිවරු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වී ඇති අතර, ඉරාක අගමැති අල් සුඩානි, පාකිස්තාන අගමැති ශෙබාස් ෂරිෆ්, අසර්බයිජාන් අගමැති අලි අසඩොව්, ආමේනියාවේ අගමැති නිකොල් පෂිනියන් ඒ අතර සිටින බව වාර්තා වේ. මීට අමතරව ටියුනීසියාවේ ජනාධිපති කයිස් සයිඩ් ද පැමිණි බව වාර්තා වන අතර, ඉරාන විප්ලවයෙන් පසු පළමුවරට ටියුනීසියාවේ ජනාධිපතිවරයකු ඉරානයට පැමිණියේ පළමුවරට බව ද වාර්තා වේ. මීට අමතරව කටාර්, කුවේට්, බෙලරුසියාව, ජෝර්දානය, ඕමානය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක විදේශ අමාත්‍යවරු ද, තවත් විදෙස් නියෝජිතයෝ රැසක් ද අවසන් ගෞරව දැක්වීමට පැමිණි බව වාර්තා වේ. හමාස්, හෙස්බුල්ලා සහ තලේබාන් සංවිධාන නියෝජිතයන් ද හිටපු ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණ ඇතැයි ද, බොහෝ විදෙස් නියෝජිතයන් ඉරාන අාධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි මුණ ගැසී පෞද්ගලිකව ශෝකය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
@දිනමිණ