Latestදේශීය

තොන්ඩමන් අළුත් වටයකින් රනිල්ගේ ප්‍රචාරණය අරඹයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අසමත් වන වතු සමාගම් රජයට පවරා ගන්නා බව ජීවන් තොන්ඩමන් ද ඊයේ (29) පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබේ.

මෙයට පෙර මෙම ප්‍රකාශය ම මනූෂ නානයක්කාර ද කර තිබූ අතර ජීවන් තොන්ඩමන් ද එයම යළි ප්‍රකාශ කරමින් රනිල් වික්‍රමසිංහගේ ගැලවුම්කරුවෙකු වීමට ඉදිරිපත් වී සිටි.

ආරුමුගම් තොන්ඩමන්ගේ ගුණ සැමරුම් උත්සවයකට සහභාගී වී ජීවන් තොන්ඩමන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ රජයට පවරා ගන්නා එම වතු සමාගම් පෞද්ගලික අංශයේ වෙනත් ආයෝජකයන්ට ලබා දෙන බව ය. ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් වතු ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ ලබා දුන් පොරොන්දුව වෙනුවෙන් මේ ලෙස තවත් අය පෙනී සිටීමට පටන් ගෙන තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *