Latestදේශීය

පොහොට්ටු මහලේකම් පොලීසියට සහ හමුදාවට චෝදනා කරයි

පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් රූපවාහිනි නාළිකාවක් සමඟ පවත්වන ලද සජීවී සාකච්ඡාවකදී හමුදාව සහ පොලිසියට බරපතළ අපරාධ චෝදනා එල්ල කළේය.

එම චෝදනාවලට පදනම් කර ගත්තේ 2022 මැයි 09 වෙනි දින රාජපක්ෂ මැරයන් විසින් සාමකාමී අරගලකරුවන්ට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව රට තුළ උද්ගතවූ තත්වය සම්බන්ධයෙනි. ඔහු එම වැඩ සටහනේදී නැවත නැවත අවධාරණය කළේ “සියල්ල සිදු කළේ හමුදාව හා පොලිසිය බලං සිටියදී. බලං ඉඳිද්දී හුඟක් ගෙවල් ගිනි තියනකොට හමුදා, පොලිසිය බලන් හිටියා.“ යනුවෙනි.

ගෝල්ෆේස් සාමකාමී විරෝධතාවයට රාජපක්ෂ මැර කණ්ඩායම එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය අමතක කොට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පමණක් හුවා දක්වමින් හමුදාව සහ පොලිසියට මේ ලෙස අපරාධ චෝදනා වක්‍රව නගනු ලැබීය.

හමුදාව හා පොලිසියේ කටයුතු සොයා බැලීමට කමිටුවක් පත්කරන ලෙස එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීම අනුව කරන්නාගොඩ කමිටුව පත් කළ බවත්, එම කමිටු වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව මේ දක්වා අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන නැති බවත් පැවසීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *