Latestදේශීය

ආපදාවෙන් පුද්ගලයින් 250000ක් පීඩාවට

(නිමල කොඩිතුවක්කු)

ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13 ක  පවුල් 66 906 කට අයත් පුද්ගලයින් 253 581 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් පුද්ගළයින් 21 ක්  මියගොස් 13 ක්  තුවාල ලබා දෙදෙනෙකු  අතුරුදන් වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, කලුතර  දිස්ත්‍රික්කයෙන් මරණ 02ක්,  ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 03ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 02 ක්, වාර්තා වේ.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 4303කට අර්ධ හානි සිදුව තවත් නිවාස 42කට පූර්ණ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට   ආරක්ෂිත ස්ථාන 154ක පවුල් 2565 කට අයත් 10737 ක් රඳවා තබා ඇතැයිද එම  මධ්‍යස්ථානය නිවේදනය කරයි.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *