රුසියාවේ බන්ධනාගාර නිළධාරින් ප්‍රාණ ඇපයට ගත් IS සාමාජිකයින් 6ක් ජීවිතක්ෂයට
දකුණුදිග රුසියාවේ රොස්ටොව් කලාපයේ බන්ධනාගාරයකදී අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් රැඳවියන් පිරිසක් විසින් ප්‍රාණ ඇපයට ගත් නියාමකවරුන් දෙදෙනකු නිරුපද්‍රිතව මුදා ගැනීමට ආරක්ෂක නිලධාරීන් සමත් වී ඇතැයි එරට ‘ටාස්‘ පුවත් සේවය වාර්තා කළේය.
බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ රුසියාවට අයත් කරාචේ චෙරකේසියා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය පුපුරුවා හැරීමට සැලසුම් කිරීමේ චෝදනා මත වසර 18ක සිර දඬුවම් ලබා සිටි අයිඑස් ත්‍රස්තවාදීන් පිරිසක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඔවුන් සිර මැදිරියේ කවුළුවක් කඩා ඉන් පිටතට පැමිණ ආරක්ෂක කුටියට ඇතුළුවී එහි සිටි නියාමකවරුන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර, නිලධාරින් භාවිත කළ රාජකාරී ගිනි අවි සහ පිහිවලින් ඔවුන් සන්නද්ධව සිටි බවත් වාර්තා වේ.
රුසියානු විශේෂ බළකා කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරනලද ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ විශේෂ මෙහෙයුම අතරතුරදී අයිඑස් ත්‍රස්තයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ටාස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

