Latestදේශීය

ආන්ඩුව දැඩි පීඩනයක – රටපුරා උද්ඝෝෂණ

(නාගොඩ සුමන උදයන්ත)

වැටුප් ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් මේවන විට දිවයින පුරා වෘත්තීය සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ග වල නිරතව සිටීයි.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (25) මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අද (26) දිනයේද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ විධායක සභික සම්පත් දේශප්‍රිය මහතා පැවසීය.

මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් සහ රාජ්‍ය වැටුප් කොමිෂම අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

විශ්ව විද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති එකමුතුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා සඳහන් කර සිටියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

වර්ජන ක්‍රියාවලියට සමගාමීව ඇතැම් විශ්ව විද්‍යාල ඉදිරිපිට ආරම්භ කර සත්‍යග්‍රහය අද 06 වැනි දිනටත් පැවැත්වෙන බව පැවසීය.

මේ අතර පාසල් සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන ගුරුවරුන් ගුරු තනතුරේ පිහිටුවන ලෙස රජයට බලකරමින් ක්‍රියාත්මක සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා අධ්‍යාපන සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති හේමන්ත කේ ආරච්චි මහතා පැවසීය.
ඒ අනුව පසුගිය 11 දා කොළඹදී එම සත්‍යග්‍රහය ආරම්භ කෙරිණි

වැටුප් විෂමතා ඇතුළු ගුරු සංගම් රැසක් ආරම්භ කර ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේ වනවිට ක්‍රියාත්මක වෙයි.

ඊට සමගාමීව අද කොළඹ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතිබව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *