Latestදේශීය

අද සිට නැවතත් මමයි මහලේකම් – දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද (05) උදෑසන යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් කටයුතු කරන්නේ තමන් බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.

ඒ අනුව යළි ධුරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියලුදෙනාට එක්වන ලෙසට ආරාධනා කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

එමෙන්ම, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පිළිගන්නා බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ඵල රහිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දක්වන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත්ය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *