Latestවිදේශීය

61 දෙනෙක් ජීවිතක්ෂයට පත්කල බ්‍රසීල ගුවන් යානා අනතුර

බ්‍රසීලයේ සාවෝපාවුලෝ ප්‍රදේශයේ ගුවන්‍ යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එහි කාර්‍ය මණ්ඩලයේ සිව් දෙනෙක් සහ මගීන් 57 දෙනෙක් සිටි බවයි.

එම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබුණද ඉන් භූමියේ සිටි කිසිවෙකුටත් හානියක් වී නොතිබුණි.

මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දුන් සියලුදෙනාම බ්‍රසීල ජාතිකයන් බව අදාළ ගුවන් සමාගම තහවුරු කර ඇත.

සාඕ පවුලෝ අගනගරයේ සිට ග්වාරලියෝස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යානය ගමන් කරමින් තිබියදී සාඕ පවුලෝ නුවරට කිලෝමීටර් 80ක් වයඹ දෙසින් පිහිටි වින්හෙඩෝ නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *