Latestදේශීය

මහින්දානන්දගේ නඩුව ‌යලි දෙසැම්බර් 02 කැඳවයි

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05කට අධික පාඩුවක් කළ බවට එවකට ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි විභාගය දෙසැම්බර් 02 ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (04) තීරණය කර තිබේ.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි (සභාපති), ප්‍රදීප් අබේරත්න සහ මහේෂ් වීරමන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ එනම් 2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් එකළ ජනාධිපතිවරණයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 06ක් යටතේ නඩු පවරා ඇත.

මෙම සිද්ධියට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව මෙන්ම එකළ සතොස හිටපු සභාපති මෙන්ම පසුගියකාලයේ හිටප වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *