ශ්‍රී ලංකා කණ්ඩායම රිදී පදක්කමට හිමිකම් කියයි
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 147කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (22) සමත් විය.
ඒ අනුව රිදී පදක්කමෙන් සෑහීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 216ක් රැස්කිරීමට සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාවට පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 69ක් පමණි.
මේ අතර මෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් විය.
අද පැවති එම තරගයෙදී ඔවුන් හමුවේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 31කින් පරාජය විය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

