22 ව්‍යවස්ථාවට අනුකූලයි – ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවත්, එය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත්කරමින් කථානයකවරයා මේ බව පැවසීය.
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අනතුරුව එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින්, පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළේය.
ඒ අනුව ගොනු කෙරුණු සමස්ත පෙත්සම් සංඛ්‍යාව 67ක් විය.
එම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණි.
ඒ අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත රහසිගතව යැවුණු අතර, අද පෙරවරුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එය පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ’22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ නමැති පනත් කෙටුම්පතේ විධිවිධාන හෝ එහි කිසියම් කොටසක් සඳහා ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය ලබාගැනීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බව පැවසීය.
කෙසේවෙතත් ’22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ නමැති පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ සඳහන් ව්‍යතිරේකය තුළ අඩංගු ‘හැට හතට එළඹෙන දිනය’ යන වාක්‍ය ඛණ්ඩය, ‘හැට හත සම්පූර්ණ කළ දිනය’ යන වාක්‍ය ඛණ්ඩයෙන් ප්‍රතියෝජනය කළ යුතු බව එහි සඳහන්.
එසේම ’22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ නමැති පනත් කෙටුම්පතේ 2 වැනි වගන්තියේ දෙවන ව්‍යතිරේකය ලෙස ‘පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර හයක ධුර කාල සීමාව, මෙම පනත ක්‍රියාත්මක වන දිනයේදී අගවිනිසුරු ධුරය දරන කිසිදු තැනැත්තෙකුට අදාළ නොවිය යුතුය’ යන්න එක්කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

