Latestදේශීය

TIN අංකය අනිවාර්ය කිරීම අප්‍රේල් 01 දක්වා කල්යයි

නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN අංකය අනිවාර්යය අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමට 2027 අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.

මේ මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි, නිශ්චිතව සඳහන් කර ඇති ගනුදෙනු වර්ග අටෙන්  ඕනෑම ගනුදෙනුවක නිරත වන පුද්ගලයකු, වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ සහතිකය ඉදිරිපත් කිරීමට අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අදාළ සියලුම නිලධාරීන් වෙත දැනුම්දී ඇත.

කෙසේවෙතත් මෙම ගනුදෙනුවල නිරත වන පුද්ගලයන්ගෙන් මෙන්ම වෙනත් පුද්ගලයන්ගෙන් ද TIN සහතකිය සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණයවී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ද 2027 වසරේ අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල්දැමීමට තීරණය ගෙන ඇති බව සඳහන්ය.

මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ දැනටමත් TIN අංකය සඳහා ලියාපදිංචිවී ඇති පුද්ගලයින්ට එය වඩාත් පහසු ක්‍රමවේදයන් ඔස්සේ ලබාගැනීමට හැකි වන පරිදි විකල්ප ක්‍රමවේදයන් හඳුන්වාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

එමෙන්ම මේ දක්වා එම අංකය ලබාගෙන නොමැති පුද්ගලයන්ට මාර්ගගතව ඊ-සේවාව ඔස්සේ TIN ලියාපදිංචිය ලබා ගන්නා ලෙස ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම්දෙනු ලබයි. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *