රාජපක්ෂලා කලින්ම ගෙදර යයි
පසුගිය 2019 ජනාධිපතිවරණයෙන් පසුව, පිහිටවූ ආණ්ඩුව මුළුමනින් ම මෙහෙයවූ රාජපක්ෂ පවුලම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවී පළා ගොස් තිබේ.
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මෙන් ම නාමල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීමට ඉදිරිපත් නොවන බව සථීර වී ඇත. පසුගිය ජනාධිපතිවරණයට පොහොට්ටු ලකුණින් ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට සූදානම් බව මුලදී වාර්තා විය. එහෙත් ඊයේ රාත්‍රිය වන විට තහවුරු වී තිබුණේ ඔහු ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව ය.
මේ අතර, ශෂීන්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් සහ රාජපක්ෂ පවුලේ ඥාති පුත්‍රයෙකු වන නිපුණ රණවක මාතර දිස්ත්‍රික්කයෙන් ද ඉදිරිපත් වන බවට වාර්තා පළවේ. රාජපක්ෂ පවුලට සම්බන්ධ පිරිස් අතරින් මෙවර මැතිවරණයට තරඟ කරන්නේ ඔවුන් දෙදෙනා පමණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

