Latestදේශීය

ජනාධිපතිවරණයේදී රනිල් දිවිනසා ගත්තා – ඉමිතියාස් බාකිර් මාකර්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සිදු කළේ තමනුත්, තම පක්ෂයත් නසාගෙන සජබයත් විනාශ කරන මෙහෙයුමක් බැවින් තවදුරටත් ඔහුට නොරැවටී සමගි ජන බලවේගයත් සමග එකතු වන ලෙස එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ සභාපති ඉමිතිහාස් බාකිර් මාකර් මහතා ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය.

රනිල් වික්‍රමසිංහ මහතා සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් මේ ඡන්දයේදී කළේ. තමනුත් විනාශ වෙලා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තියෙන සමගි ජන බලවේගයත් විනාශ කරන මෙහෙයුමක යෙදුණේ. ඒකෙන් අපේ පක්ෂයේ විශාල ප්‍රමාණයක් ඩැහැගත්තා. ඒ නිසා තමයි අපි පරාජයට පත් වුණේ.

ඒ නිසා එජාපය කෙරෙහි විශ්වාසය තබාගෙන ඉන්න ජනතාව කරුණාකර බුද්ධියෙන් කටයුතු කරන්න. මේ ඡන්දයේදී බහුතර විශ්වාසයක් තියෙන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන්න එජාප පාක්ෂිකයන්ට පුළුවන්. නැත්නම් මේ රට අනතුරකට යනවා.

සාර්ථක ගමනක් ගිය රටවල් ගිය පාරේ ආර්ථික වශයෙන් වැටිලා ඉඳලා නැවත නැගිටලා ගිය පාරේ අපේ රට යන්න නම් ඒකට අවශ්‍ය දැක්ම තියෙන්න ඕනෑ. ඊට දක්ෂ කණ්ඩායමක් ඉන්න කොතැනද කියලා හිතලා බලන්න.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *