දමිතා තැපැල් පෙට්ටියට
ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය සමගි ජන බලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත්ව තැපැල් පෙට්ටිය ලකුණ යටතේ වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සාමාජිකත්වය ඊයේ (21) ලබා ගත්තාය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති මොහාන් පෙරේරා මහතාගේ අතින් ඇය සාමාජිකත්වය ලබා ගත්තාය. සමගි ජන බලවේගයෙන් ඇයට අසාධාරණයක් සිදු වූ බවත් එහි නායකත්වය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති බවත් ඇය මෙහිදී පැවසුවාය.
මෙරට හඬක් නැති කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් හඬ නැඟීමේ දෙවැනි අරගලය අද පටන් අරඹන බවත් ඉදිරියට තමන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ පෙරට යන බවත් කීවාය.
සමගි ජන බලවේගයේ නායකයා හෝ එහි කිසිවකු කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය හෝ කාන්තාවගේ අයිතිවාසිකම් සුරකින්නේ නැති බවත් දමිතා අබේරත්න මහත්මිය කීවාය.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

