ජනාධිපතිට, ශානිට, රවීට බාධා කරන්න එපා – රන්ජන් රාමනායක
ජනාධිපතිවරයාට මෙන්ම ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන පිරිසට පාස්කු ප්රහාරය සම්බන්දයෙන් සාධාරණ විමර්ශනයක් කිරීමට ඉඩ ලබාදීම මේ මොහොතේ කල යුතු යයි යැයි එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක කියයි.
ඇතැම් පිරිස් මේ වන විට නින්දෙන් අවදිවී පාස්කු ප්රහාරය පිළිබඳ පරණ වාර්තා ඉදිරිපත් කරමින් කැපීපෙනීමට උත්සාහ ගනිමින් සිටින බවත් ඔහු පවසයි.
ඔහු මේ අදහස් පළකලේ පක්ෂ ක්රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.
නව ආණ්ඩුව මේ ප්රහාරය ගැන හරි විමර්ශනයක් සිදු කර පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉෂ්ඨ කර චූදිතයන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇතැයි ඔහු විශ්වාස කරන බවත් රන්ජන් රාමනායක වැඩි දුරටත් පවසා ඇත.
@slleader.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

