Latestදේශීය

පාසැල් දරුවන්ට නිල ඇදුම් සූදානම්

ලබන 2025 වර්සය වෙනුවෙන් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන සිදු දරු දැරියන් වෙනුවෙන් නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය රෙදි තොග මේ වනවිටත් මෙරටට ලබා දී ඇත.

චීන ජනරජයේ පරිත්‍යාගයක් ලෙස මෙම ඇඳුම් සඳහා අදාළ රෙදි තොග මේ වනවිට ලංකාවට ලැබෙමින් පවතී. එම පරිත්‍යාගය නිල වශයෙන් රජයට බාර දීම ඊයේ (10) අගමැති සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත නිල වශයෙන් සිදු කරනු ලැබීය. චීනයේ මෙරට තානාපති කී ෂෙන් හොන් ඇැතුළු නියෝජිත පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගමැතියට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වී සිටි බව රජයේ මාධ්‍යය වාර්තා කර තිබිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *