Latestදේශීය

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධ්‍යාපන , උසස් අධයාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත, 2016 අංක 17 දරන විශ්වවිදයාල (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධනය කර ඇති අතර විවිධ පරිපාලන තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනී‍මේදී සහ පත් කිරීමේදී පනතේ ඇතැම් විධිවිධානවල පවතින අපැහැදිලිතා හේතුවෙන් ගැටලු පැන නගින බව නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව එම පනතේ 49වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ පීඨාධිපති තනතුරට පත් විම සඳහා යෝජිත සුදුසුකම් සහ පනතේ 51 වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ අධ්‍යයනය අංශ ප්‍රධානියෙකු ලෙස පත් කිරීම සඳහා වන සුදුසුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

@News.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *