දරුවන්ගේ දුක දැකගන්න ප්‍රමාද නොවී ගාසා තීරයට යන්න – මැඩෝනා පාප් වහන්සේගෙන් ඉල්ලයි
ගාසා තීරයේ අසරණ දරුවන්ගේ ජීවිතවලට ආලෝකය උදා කිරීමට ප්‍රමාද නොවී එහි සංචාරයක නිරතවන ලෙස අමෙරිකානු පොප් ගී රැජන මැඩෝනා පාප් වහන්සේගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවනු ඇති බවය. මැඩෝනාගේ ප්‍රකාශය නිකුත් වී ඇත්තේ දෑස් ඉදිරිපිට සාගතයක් ව්‍යාප්ත වෙමින් තිබෙන බවට බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ ජපානය ප්‍රකාශ නිකුත් කිරීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගාසා තීරයේ අසරණ දරුවන්ට ආලෝකය උදාකරන ලෙස පාප් වහන්සේට ආයාචනා කරමින් මැඩෝනා සමාජ මාධ්‍යජාලයේ සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලයට ගාසා තීරයට ඇතුළුවීම ප්‍රතික්ෂේප කළ නොහැකි එකම පුද්ගලයා පාප් වහන්සේ වන බවය. ගාසා තීරයේ අසරණ දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ආධාර සැපයීමට සියලු දේශසීමා දොරටු සම්පූර්ණයෙන්ම විවෘත කළ යුතු බව ද මැඩෝනා වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

‘අතිශුද්ධ වූ පියාණෙනී, කරුණාකර ප්‍රමාද නොවී ගාසා තීරයට ගොස් ඔබේ ආලෝකය දරුවන්ට ලබාදෙන්න. මවක් ලෙස ඔවුන්ගේ දුක් වේදනා දැකීම මට දරාගත නොහැකියි. සියලු දරුවන් ලෝක වාසී අප සැමටම අයිතියි.‘ ඇය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යජාලයේ සිය ගිණුමෙහි එසේ සටහන් කර ඇතැයි වාර්තා වේ. ගාසා තීරයේ උද්ගත වී ඇති දරුණු මානුෂීය අර්බුදය හේතුවෙන් ඊශ්‍රායලය දැඩි පීඩනයකට මුහුණපා සිටින අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත්තේ ගාසා වැසියෝ සාගතයේ උපරිම අවස්ථාවට ළඟාවී සිටින බවය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

