විරෝධතාකරුවන් නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනි තබයි
නේපාලයේ විරෝධතාකරුවන් විසින් අද එරට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයටද ගිනි තබා ඇති බව වාර්තා වේ.
මීට අමතරව විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා විනාශ කළේය.
එවැනි පසුබිමක අගමැති කේ. පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්වූ පිරිස අතර ඇමතිවරුන් පවා සිටින බවට සඳහන් වන අතර ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බවෙ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇඳිරිනීතියද නොතකා සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා වනසා ඇති පසුබිමකයි.
ඉන් අනතුරුව නේපාල පාර්ලිමේන්තු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස් එහි ගොඩනැලිවලට ගිනිතබා තිබු අතර එමෙන්ම නේපාල රජයේ ඇමතිවරුන්ගේ කාර්යාල පිහිටි සින්ග දර්බාර් ගොඩනැගිල්ලද විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබුණි.
මීට සමගාමීව එරට ගුවන්තොටුපොළ ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.
ඊයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවයි.
සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මෙලෙස වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන්ය.
අවාසනාවන්ත සිද්ධි දාමයකින් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය අද පියවර ගෙන තිබු අතර කෙසේ නමුත් ඒ කිසිත් නොතකා විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන්නේ පාලක රජයට එරෙහිව දැඩි විරෝධයක් පළකරමින්ය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

