රුපියල් 2000ක් ඉල්ලා වතු කම්කරුවෝ උද්ඝෝෂණය කරයි
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දෙදහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක් පවත්වන ලදි.
දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ ජිවන වියදමද දිනෙන් දින ඉහල යන බවත් එම තත්වයන් මත තමන්ට ලැබෙන වැටුප ජිවත්විමට ප්‍රමානවත් නොවන බවද එම වතු කම්කරුවන් පවසති.
පසුගිය මැතිවරණ වේදිකාවලදි තම වැටුප් වැඩි කරන බව වත්මන් රජයද පැවසු බවත් පසුව පසුගිය අය වැයෙන්ද තමන්ගේ දෛනික වැටුප රුපියල් එක් දාහාස් හත් සියය දක්වා වැඩි කරන බව පැවසුවද මේ වන තෙක් තම වැටුප් වැඩි විමක් සිදුව නොමැති බවද එම උද්ගෝෂකයන් වැඩි දුරටත් පවසති.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

