මදූෂ්ගේ ගිනිඅවියට ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට
පාතාල කල්ලි නායකයකු වූ මාකඳුරේ මධූෂ් නමැත්තාට පිස්තෝල අවියක් ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති සහ ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (26 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට දන්වා තිබූ අතර ඒ අනුව ඔහු ඊයේ දහවල් එහි පැමිණ තිබුණි. එහිදී ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු දේවානන්දා මහතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ අතර අද දින (27 දා) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාකඳුරේ මධූෂ් අත්අඩංගුවේ පසුවූ කාල සීමාවේදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී විවිධ ඝාතන සඳහා යොදාගත් පිස්තෝල අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එකල අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම අවිය මධූෂ්ට ලැබුණේ කෙසේද යන්න ගැන සිදුකළ දීර්ඝ පරීක්ෂණවලදී හෙළිවූයේ එය යුද හමුදාවට අයත් එකක් බවය. එම අවිය යුද හමුදාව විසින් ඩග්ලස් දේවානන්දා මහතා වෙත නිකුත් කර තිබූ බව පසුව අනාවරණය විය. පසුකාලීනව ඔහු මෙම අවිය මාකඳුරේ මධූෂ්ට ලබා දී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම අවිය ලබා දී ඇත්තේ මුදලට ද නැතිනම් හිතවත්කමට ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
ඒ අනුව ඩග්ලස් දේවානන්දා මහතා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

