Latestවිදේශීය

ට්‍රම්ප් සෙලෙන්ස්කි හමුවීමට පෙර රුසියාව යුක්‍රේනයට පහරදෙයි

සාම සැලැස්මක් සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි හමුවට පැය කිහිපයකට පෙර රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර මාලාවක් එල්ලවී තිබේ.

ඒ ඩ්‍රෝන යානා 500කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල යානා 40කට වැඩි පමාණයක් යොදා ගනිමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රධාන වශයෙන් යුක්‍රේනයේ කියෙව් අගනුවර සහ බලශක්ති පද්ධති ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල වී ඇති බවයි.

මෙම ප්‍රහාර හමුවේ ලක්ෂ 5කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවට වාර්තා වේ.

@අරුණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *